පාසල් නිවාඩුව සහ 2026 නව පාසල් වාරය ඇරඹෙන දිනයන්

2025 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන දිනයන් සහ 2026 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, සියලුම සිංහල සහ දෙමළ රජයේ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය දෙසැම්බර් 22 වන සඳුදා දිනෙන් අවසන් වන අතර, මුස්ලිම් පාසල් සඳහා අධ්‍යයන වර්ෂය දෙසැම්බර් 23 වන අඟහරුවාදා දිනෙන් අවසන් වීමට නියමිතය.​මෙම තීරණයට අනුව, සිංහල සහ දෙමළ පාසල් සඳහා පාසල් නිවාඩුව 2025 දෙසැම්බර් 23 වනදා සිට 2026 ජනවාරි 04 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මුස්ලිම් පාසල් සඳහා නිවාඩුව 2025 දෙසැම්බර් 27 වනදා සිට 2026 ජනවාරි 04 වනදා දක්වා ලබා දී ඇත. 2026 නව අධ්‍යයන වර්ෂයේ පළමු වාරය සඳහා දිවයිනේ සියලුම රජයේ පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින යළි විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 907

Leave A Reply

Your email address will not be published. Required fields are marked *