පාසල් පාවහන් වවුචර් පත් වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්ට මෙන්ම පිරිවෙන් සහ සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට පිරිනමනු ලබන රුපියල් 3,000ක පාවහන් වවුචර් පත් වැඩසටහනේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මුලින් මෙම වවුචර් පත් පෙබරවාරි 28 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද, ප්‍රතිලාභීන්ට තම වවුචර් පත් ලබාගැනීම සඳහා සහන කාලයක් ලබා දෙමින් එය මාර්තු 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව, අදාළ කාලසීමාව තුළ නියමිත වෙළඳසැල් මගින් පාවහන් ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,029

Leave A Reply

Your email address will not be published. Required fields are marked *