පාසල් සිසුවෙක් අතුරුදන්

පහළොස් හැවිරිදි සිසුවෙකු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කටුගස්තොට රණවන පාරේ පදිංචි මෙම සිසුවා ඊයේ (12) දින පාසල් යාමෙන් අනතුරුව නැවත නිවසට නොපැමිණි බවටයි සිසුවාගේ මව පවසා ඇත්තේ.

එම සිසුවා ඊයේ(12) පෙරවරු 6.00 පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 607

Leave A Reply

Your email address will not be published. Required fields are marked *