2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ඔවුන්ගේ නීතිඥ චමින්ද අතුකෝරල මහතා සඳහන් කර ඇත. 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ මෙම මරාගෙන මැරෙන ම්ලේච්ඡ ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනකු ඇතුළුව පුද්ගලයන් 279 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.විදෙස් බුද්ධි අංශ මඟින් ලබා දුන් පූර්ව අනතුරු ඇඟවීම් මත ක්‍රියා කිරීමට අසමත් වීම හේතුවෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවති නඩු විභාගයකින් පසු 2-1 ක තීන්දුවක් මත මෙම දඬුවම නියම විය. විත්තිකරුවන්ට ඝාතන සිදු කිරීමට කිසිදු චේතනාවක් හෝ සැබෑ ප්‍රහාරකයන් සමඟ කිසිදු සබඳතාවක් නොතිබූ බවට අදාළ නඩුවේ විනිසුරු මඬුල්ලේ සුළුතර (අසමහමත්වීමේ) තීන්දුව තුළින් පැහැදිලි කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



























