පාස්කු ප්‍රහාරය: විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ 3 වන සැකකරු ලෙස නම් කෙරේ

2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, දැනට තන්ත‍්‍රවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (05) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 2026 පෙබරවාරි 25 වන දින අත්අඩංගුවට ගත් ඔහු, දින 90 ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරන බවත්, මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ඔහුට එරෙහිව සාක්ෂි අනාවරණය වී ඇති බවත් CID නිලධාරීන් මෙහිදී මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකැමති මහතා හමුවේ පවසා සිටියේය.​මෙම සිද්ධියට අදාළව දැනටමත් නැගෙනහිර පළාතේ හිටපු පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු දෙදෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඇති අතර, වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ සයින්දමරුදු බෝම්බ පිපිරීම වැනි සංවේදී සිදුවීම් පිළිබඳවද පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින කාලසීමාව තුළ ඔහු පිළිබඳ නිරන්තර අධීක්ෂණය සිදුකරන ලෙස CIDය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, විමර්ශනවල ප‍්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *