පාස්කු බෝම්බකරුවන් මා දන්නවා

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය.

එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්‍රීපාල සිරිසේන කීය.

මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් ඒ මහතා කීය.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට රට ගෙනියන්න සූදානම්ව සිටිය ද ආණ්ඩු පක්‍ෂයේ සහ වික්‍ෂයේ සහයෝගය නොලැබීම නිසා සිදුවූ දේවල් පිළිබඳව දැඩි කළකිරීමකට පත්ව සිටින බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කැමැත්තෙන්ම බලය අඩුකරගෙන වසර පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.

ආණ්ඩුව, දේශපාලන පක්‍ෂ සහ සමාජය ඇතුළු රටම අර්බුදයක තිබීම නිසා අර්බුදයෙන් මිදීමට නම් නියමිත කාලයේදී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ප්‍රශ්නවලට මූලිකත්ව දී කටයුතු කිරීමේ වගකීම එම මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙන බවත්ය.

වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ බලය නොමැති දැඩිව පිරිහීමට පත්වූ තැනක් බවට පත්ව ඇති බවත් හොරු, දූෂිතයෝ සහ වංචාකාරයො පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *