පැලැන්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

පැලැන්වත්ත සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (07) රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව හෙට (08) පෙරවරු 8.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බැවින්, පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය කලින් රැස් කර තබා ගන්නා ලෙස මණ්ඩලය දැනුම් දෙයි.​මීට අමතරව ගලගෙදර, මීපේ සහ පාදුක්ක යන අවට ප්‍රදේශ සඳහා හෙට (08) දිනයේදී ජල සැපයුම සීමා කිරීමට නියමිතය. මෙම ප්‍රදේශවලට හෙට පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක කාලයක් ජලය ලබා නොදෙන බවත්, නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,085

Leave A Reply

Your email address will not be published. Required fields are marked *