පෑලියගොඩදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ

පෑලියගොඩ පොලිස් වසමට අයත් මීගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ජනවාරි 18 වනදා සිදුවූ මෙම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.​පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇති කරනු ලබන පරෙවියන් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවට හේතු වී ඇති බවයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුද තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, පෑලියගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

What's your reaction?

Related Posts

1 of 968

Leave A Reply

Your email address will not be published. Required fields are marked *