පිටකොටුවේදී විදේශික කාන්තාවකගේ බෑගය කොල්ල කෑ පුද්ගලයා අත්අඩංගුවට

මෙරට සංචාරය සඳහා පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ගමන් බෑගය පිටකොටුවේ බසයක් රථයක් තුළදී සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තරුණියගේ ගමන් බෑගය සොරා ගැනීම සම්බන්ධයෙන් පසුගිය බදාදා හිරු ප්‍රවෘත්ති රට හමුවේ හෙළි කළ අතර අදාළ තරුණිය පැවසුවේ සිය බෑගය සොයා දෙන අයෙකුට රුපියල් දස ලක්ෂයක ත්‍යාගයක් දෙන බවයි.

මෙරට සංචාරය සඳහා පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ගමන් බෑගය පසුගිය මැයි 24වැනිදා පිටකොටුවේ බසයක් රථයක් තුළදී සොරකම් කර තිබුණා.

ස්කයි මැගෝවන් සංචාර පිළිබඳ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන ඇය රටවල් 37ක පමණ සංචාරය කර ඇති අතර මෙරටට පැමිණ තිබුණේ දෙවන වරටයි.

බසයෙන් ඇල්ල බලා යාමේ අරමුණින් බැස්ටියන් මාවත බස් නැවතුම්පළෙන් බදුල්ල කොළඹ බසයකට ගොඩ වී තිබූ අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු ඇයගේ බෑගය සොරාගෙන තිබූ අතර එම සිදුවීම බසයේ CCTV කැමරාවේ සටහන්ව තිබුණා.

බෑගය තුළ ඇගේ ගුවන්ගමන් බලපත්‍රය, කැමරාව, ලැප්ටොප් පරිගණකය මෙන්ම ඩොලර් 2,000ක මුදලක් ද තිබූ බවයි ස්කයි මැගෝවන් පැවසුවේ.

මේ අතර එම බෑගය සොරාගත් සැකකරුවන් සොයා පොලිසිය දිගටම විමර්ශන සිදුකළ අතර ඒ අනුව සැකකරු කැලණිය – පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

සැකකරු විසින් ගමන් මල්ලේ තිබූ කැමරාව අලෙවි කර ඇති බවයි පිටකොටුව පොලිසිය සිදුකළ ප්‍රශන කිරීම්වලදී හෙළිවී ඇත්තේ බෑගයේ තිබූ ලැප්ටොප් පරිගණකයද සැකකරු විසින් වෙළඳසැලකට ලබා දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *