ඔක්තෝබර් මාසයේ ක්රියාත්මක වන ‘Pinktober’ පියයුරු පිළිකා දැනුවත් කිරීමේ ජාත්යන්තර වැඩසටහනට සමගාමීව, අද (ඔක්තෝබර් 25) පැවැත්වෙන පාකිස්තාන සහ එංගලන්ත එක්දින ක්රිකට් තරගය විශේෂ අයුරින් ක්රියාත්මක කිරීමට පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. ලාහෝර් නුවර ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය, දෙරට අතර මෙන්ම ශ්රී ලංකාවද සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් ක්රියාත්මක වෙයි.පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ සහ නිසි කලට ප්රතිකාර ලබාගැනීමේ වැදගත්කම ජනතාවට සමීප කිරීම මෙම විශේෂ ක්රියාමාර්ගයේ මූලික අරමුණයි. ඒ අනුව, පාකිස්තාන කණ්ඩායම මෙහිදී විශේෂයෙන් නිර්මාණය කරන ලද රෝස පැහැති ක්රීඩා ඇඳුම්වලින් සැරසී පිටියට පිවිසෙන අතර, එංගලන්ත ක්රීඩකයන්, තරග නිලධාරීන් සහ විස්තර විචාරකයන් ද රෝස පැහැති රිබන් පැළඳ මෙම උත්සාහයට සහයෝගය පළ කර ඇත.ක්රීඩාංගණයේ භාවිත කරන කඩුලු පවා රෝස පැහැයෙන් සකස් කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව, ක්රීඩාංගණයේ ඇති විශාල LED තිර ඔස්සේ පිළිකා මර්දන දැනුවත් කිරීමේ පණිවිඩ නිරන්තරයෙන් ප්රදර්ශනය කරමින්, ක්රීඩාලෝලීන් හරහා සමාජයට වැදගත් පණිවිඩයක් ලබාදීමට සංවිධායකයෝ කටයුතු කරමින් සිටිති.



























