පියා පැදවූ ටිපර් රථයට යටවුනු මල් කැකුලක් මරුට

කිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට යටවී ඊයේ (18) වයස අවුරුදු 1½ක දැරියක් මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

මියගිය දැරිය අම්බාල්කුලම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, දැරියගේ පියා මිදුලේ නවතා තිබූ ටිපර් රථය පණ ගන්වා ධාවනය කිරීමට සූදානම් වන විට දැරිය රථයට යටවී මියගොස් ඇති බවයි.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 722

Leave A Reply

Your email address will not be published. Required fields are marked *