පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගින්නක්: හේතුව ලිතියම් බැටරියක්!

ඊයේ (සෙනසුරාදා) දින මගියෙකුගේ අත්බෑගයේ තිබූ ලිතියම් බැටරියක් හේතුවෙන් Air China ගුවන් යානයක් තුළ හදිසියේම ගින්නක් හටගැනීමත් සමඟ එහි ගමන් ගත් මගීන් භීතියට පත් විය. Hangzhou සිට සෝල් දක්වා පියාසර කරමින් තිබූ CA139 දරණ මෙම ගුවන් යානයේ ගමන් මලු රාක්කයෙන් (overhead compartment) ඝන දුමාරයක් පිටවීමට පටන් ගැනීමෙන් පසු හදිසි අවස්ථාවක් ලෙස එය ෂැංහයි-පුඩොං ගුවන්තොටුපළට හරවා යැවීමට සිදුවිය.​අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දැක්වුණේ ගින්න නිවීමට ගුවන් කාර්ය මණ්ඩලය කඩිමුඩියේ ක්‍රියා කරන විට තැතිගත් මගීන් තම ආසනවලින් පැන අසුන් ගන්නා ආකාරයයි. මැදිරිය පුරා දුමාරය පැතිරී යන විට සමහර මගීන් මුහුණු වසාගෙන සිටි අතර, ගිනි නිවන උපකරණ සහ වතුර බෝතල් රැගෙන ගින්න පාලනය කිරීමට ගුවන් සේවිකාවන් ඉක්මන් විය.මාධ්‍ය වාර්තාවලට අනුව, ගමන් මලු රාක්කයේ ගබඩා කර තිබූ බෑගයක් තුළ බැටරිය අධික ලෙස රත් වීම මෙම ගින්නට හේතුව වී ඇතැයි විශ්වාස කෙරේ. ගින්න ඉක්මනින් පාලනය කළ බවත්, ගුවන් යානය කිසිදු තුවාලයකින් තොරව ආරක්ෂිතව ෂැංහයි වෙත ගොඩ බැස්සවූ බවත් Air China පසුව තහවුරු කළේය.”ගුවන් කාර්ය මණ්ඩලය කඩිනමින් හා වෘත්තීයමය ලෙස ක්‍රියා කළ අතර, සියලුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කළා” යැයි ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ගුවන් යානය ගොඩබෑමෙන් පසු, මගීන් ආදේශක ගුවන් යානයකට මාරු කිරීමට පෙර ආරක්ෂක නිලධාරීන් විසින් එය පරීක්ෂාවට ලක් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 424

Leave A Reply

Your email address will not be published. Required fields are marked *