පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරයි: රුපියල් මිලියන 225ක බදු පැහැර හැරීමේ චෝදනා

නිළි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ. ‘ලෝලියා ස්කින් කෙයාර්’ (Lolia Skin Care) නමැති රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයේ හිමිකාරිත්වය දරන ඇය, රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 225ක බදු මුදලක් පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය සඳුදා (15) අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.​කෙටි කාලයක් තුළ කෝටිපතිනියක වූ බව කියන පියුමි හංසමාලිට එරෙහිව මෙලෙස මහාධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ නීතිපතිවරයාගේ උපදෙස් පරිදිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *