පිරිමි දරුවෙකු පුවක් ගසකින් ඇද වැටී මරුට

උදෑසන කාලයේ මාවනැල්ල පොලිස් වසමේ අම්බුලු ගල ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු පුවක් ගසකින් ඇද වැටී මාවනැල්ල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.වයස අවුරුදු 16 ක් වූ අම්බුලුගල, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.මරණකරු තවත් පිරිමි දරුවෙකු සමග කුලී පදනම යටතේ පුවක් කැඩීමට ගොස් සිටියදී පුවක් ගස කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

What's your reaction?

Related Posts

1 of 694

Leave A Reply

Your email address will not be published. Required fields are marked *