පුංකුඩුතිව් හි ඉඩමකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

පුංකුඩුතිව් ශිව කෝවිල ආසන්නයේ පිහිටි ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වළක් කපමින් සිටියදී මිනිස් අස්ථි කොටස් හමු වී තිබෙනවා.

එම අස්ථි කොටස් කුමුදිනී ධීවර යාත්‍රාවේදී පසුගියදා කපා කොටා ඝාතනය කළපුද්ගලයකුගේ විය හැකි බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

කෙසේ වෙතත්, අදාළ පාර්ශ්වවලින් ලබා ගත හැකි තොරතුරුවලින් පෙනී යන්නේ නිසි විශ්ලේෂණයකින් පසුව පමණක් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිතව පැවසිය හැකි බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *