පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සහ ඔහුගේ පුත්‍රයා නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කෘෘසර් ප්‍රාඩෝ රථයක් සඟවා තබා ගැනීමේ සිධියට අදාලවයි.

ඒ සමබන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රිවරයා සහ ඔහුගේ පුත්‍රයා අද නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට පැමිණ තිබුණා.

එම ප්‍රකාශය ලබා ගැනීමෙන අනතුරුව ඔවුන් අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කලා.

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා විසින් නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කෘෘසර් ප්‍රාඩෝ රථයක් භාවිත කරන බවට නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරීන් විසින් පසුගිය 6 වැනිදා අලුයම එම රථය කොටස් කර ස්ථාන දෙකක සඟවා තිබියදී සොයා ගත්තා.

හිටපු මන්ත්‍රීවරයාට අයත් නිවසට ආසන්න වූ වෙනත් නිවසකය
සඟවා තිබී අදාළ මෝටර් රථයේ චැසිය සහ බඳ කොටස සොයාගත් අතර ඔහුගේ පොල්වත්තේ තිබී එන්ජිම ඇතුළු කොටස් කිහිපයක්ද සොයා ගත්තා.

එම රථය මේවන විටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් භාවිත කරන ප්‍රාඩෝ රථයක එංජින් අංකය හා චැසි අංකය භාවිත කරමින් ලියාපදිංචි කර තිබුණා.

හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර හා ඔහුගේ පුත්‍රයා එක්ව මෙම රථය කොටස් කර සඟවා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබු අතර ඔවුන් ඒ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැගව තිබුණා.

හිටපු මන්ත්‍රීවරයා මේවන විට පුත්තලම දිස්ත්‍රිකකයේ හලාවත ආසනයේ ප්‍රධාන සංව්ධායක ලෙස කටයුතු කරනවා.

මූල්‍ය අපරාධ කොට්ඨාශ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නීයෝජ්‍ය පොලිස්පති නීතීඥ අසංක කරවිට මහතාගේ අධීක්ෂණය යටතේ , මූල්‍ය අපරාධ විමර්ශන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර ජයරත්න මහතාගේ සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පලිස්කාර මහතාගේ උපදෙස් පරිදී වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

අත් අඩංගුවට පත් මන්ත්‍රීවරයා සහ පුත්‍රයා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *