පුතාගේ මෝටර් රථයට බිලි වූ අම්මා මිය යයි

කොහුවල පොලිස් වසමේ සුමනාරාම මාර්ගයේදී ඊයේ (7) සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මියගිය කාන්තාව සිය පුතා හා ඔහුගේ බිරිඳ සමඟ මෝටර් රථයේ ගමන්කරමින් සිටියදී එකවර රථය නතර වී ඇති අතර ඒ හේතුවෙන් පුතා, නතර වූ සිය රථයේ ඉදිරිපස රෝදයට ගලක් තබා රථය පණගැන්වීමට උත්සාහ දරා තිබේ.

එම අතරවාරයේ මෝටර් රථය පණගැන්වීම සඳහා මියගිය කාන්තාව සිය ලේලිය සමඟ ඉදිරිපස රෝදයට තබා තිබූ ගල ඉවත්කර ඇත.

කෙසේ නමුත් රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ හෙයින්, රථය එකවර ඉදිරියට ගමන්කර ඇති අතර, එහිදී මියගිය කාන්තාව මෝටර් රථයේ ගැටී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 662

Leave A Reply

Your email address will not be published. Required fields are marked *