පුෂ්පිකාගේ කිරුල ගැලවීමේ නඩුව… 

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටි ආශා බස්නායකට අද(17) වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළා.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින්.

එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ, හිටපු විවාහක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්වෙින්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.  

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *