බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැඩි දෝෂාරෝපණයට ලක් කළහ. ගම්මන්පිල මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එළිදැක්වූ නවතම කෘතිය හුදෙක් ජනතාව නොමග යවන “නාටකයක්” බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සහ ඉන් පසුවත් බලයේ සිටි ගම්මන්පිල මහතා, එදා නිහඬව සිට අද මෙවැනි කරුණු අනාවරණය කිරීමේ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන අඩපණ කිරීමට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ මොහු වැනි “දෙපිටකාට්ටු” චරිත බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.මීට අමතරව වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ උන්වහන්සේ, රජය විසින් බදු වැඩිකිරීම අත්හිටුවීම හරහා උදාවන අලුත් අවුරුදු සමයේදී සාමාන්‍ය ජනතාවට යම් සහනයක් ලැබී ඇති බව සඳහන් කළහ. බදු වැඩිකළේ නම් සාමාන්‍ය පවුලකට අවුරුදු සැමරීමට පවා නොහැකි වන බවත්, දරුවෙකුට පැණි රස කෑමක් පවා මිලදී ගත නොහැකි තත්ත්වයක් උදාවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. ජාතිවාදය අවුස්සමින් ජනමනස වෙනස් කිරීමට උත්සාහ නොකරන ලෙස ද උන්වහන්සේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියහ.




















