පෙට්‍රල් මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක සැපයුම සිංගප්පූරු සමාගමකට!

2026 මාර්තු 15 වනදා සිට සැප්තැම්බර් 14 වනදා දක්වා වූ කාලසීමාව සඳහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නැව්වාර 5ක් මිලදී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Epdesa Pte. Ltd. සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙම කොන්ත්‍රාත්තුව යටතේ පෙට්‍රල් බැරල් 300,000ක (±5% ක පරාසයකට යටත්ව) ප්‍රමාණයක් මෙරටට සැපයීමට නියමිතය.​ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් කැඳවන ලද ලංසු සඳහා සමාගම් හයක් ඉදිරිපත් වී තිබුණි. ඒ අතරින් උසස් මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අවම මිලක් ඉදිරිපත් කළ සහ වඩාත් සුදුසුම ලංසුකරු ලෙස හඳුනාගත් සිංගප්පූරුවේ Epdesa Pte. Ltd. සමාගම මෙම සැපයුම් කටයුතු සඳහා තෝරාගෙන ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *