පෙම්වතිය බිය කරන්න ගිය තරුණයා මරුට

සිය පෙම්වතිය බිය කිරීමට බෙල්ලේ ලණුවක් ගැට ගසාගෙන මියයන බව කී තරුණයෙකු ලණුවේ ගැටය සිරවීම හේතුවෙන් ඊයේ (30) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව බෝගස්වැව පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

ඔහු නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

දෙදෙනා අතර කිසියම් හේතුවක් මත බහින් බස් වීමෙන් පසුව තරුණිය බිය කිරීමට සිතා ඔහු ගෙළ වැළලාගෙන මියයන බව ප්‍රකාශ කොට තිබෙන බව පැවසෙනවා.

තරුණිය ජීවත් වූ නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහු ගෙළ වැළලාගෙන මිය යන බව රඟ දැක්වීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ ගෙලෙහි බැදගෙන තිබූ ලණුවේ ගැටය සිරවීම නිසා ඔහු මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අවට සිටි පිරිසක් වහාම ලණුව කපා ඔහුව වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මාමඩුව පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *