පෙළපොතේ ‘Buddy’ මතභේදය: නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කරුණු පැහැදිලි කරයි

තමන් පාර්ලිමේන්තුවේදී “Buddy” යන පදය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය තමන්ගේ පෞද්ගලික තාක්ෂණික දැනුම මත පදනම් වූවක් නොව, 11 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පෙළපොතේ අන්තර්ගතය මත පදනම් වූවක් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එම පෙළපොතේ 77 වන පිටුවේ පණිවුඩ හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයන් පැහැදිලි කිරීමේදී මෙම වචනය භාවිත කර ඇති බවයි. ගුරුවරුන් විසින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසු තමන් අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබඳව සොයා බැලූ බවත්, එහිදී මතභේදාත්මක වෙබ් අඩවි කිහිපයකට යොමු කෙරෙන සබැඳි (Links) හමුවූ බවත් ඔහු අනාවරණය කළේය.​එහිදී එක් සබැඳියක් මෑතකදී දැඩි විවේචනයට ලක්වූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුළත් වූ අසභ්‍ය අඩවියකට සමාන එකක් බවත්, තවත් සබැඳියක් වයස අවුරුදු 3ත් 12ත් අතර දරුවන් අපයෝජනයට ලක්වීමේ අවදානමක් පවතින අඩවියක් ලෙස ‘Forbes’ සඟරාව පවා අනතුරු අඟවා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. මෙම පෙළපොත 2015 වසරේ මෛත්‍රී-රනිල්-සජිත් පාලන සමයේ මුද්‍රණය කරන ලද්දක් බවත්, වසර දහයකට වැඩි කාලයක් තිස්සේ මෙවැනි අහිතකර සබැඳි පෙළපොත් තුළ පැවතීම කිසිවෙකුගේ අවධානයට ලක් නොවීම කණගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *