පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට සුවපහසු බස් රථ දහසක්

මඟී ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා, ඉදිරියේ දී සුවපහසු නව බස් රථ 1,000ක් එක්කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක්  වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයට යොමු ව සිටින සියයට හැත්තෑපහක පමණ මඟී ජනතාවට උසස් ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබා දීමට ඉදිරි පස් වසර තුළ සැලසුම් කරන බවත්, දැනට ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින බස් රථ 5,800 අතුරින්,  ධාවනයට යෙදවිය හැකි වන්නේ බස් රථ 4,500ක් පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.පවතින රියදුරු සහ කොන්දොස්තර හිඟයට ද කඩිනම් විසඳුම් ලබා දෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු රැසක් එක් වූහ. 

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *