පොල් පැල 500,000ක් බෙදා දීමේ ජාතික වැඩසටහන ඇරඹේ

දිවයින පුරා පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් ගෙවතු වගාව සඳහා පොල් පැල 500,000ක් බෙදා දීමේ ජාතික වැඩසටහන අද (09) උදෑසන අම්පාර, උහන ප්‍රදේශයේදී දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ, යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන උතුරු පොල් ත්‍රිකෝණයේ දිස්ත්‍රික්ක පහ හැර, ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ප්‍රතිලාභී පවුල් 250,000ක් සඳහා පොල් පැල 500,000ක් නොමිලේ බෙදා හැරේ. මෙම වැඩසටහන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩපිළිවෙළ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් (MoU) අනුව ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 832

Leave A Reply

Your email address will not be published. Required fields are marked *