යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී ඊයේ (ජනවාරි 23) අතිශය කම්පනකාරී සිදුවීමක් වාර්තා විය. පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරියක්, එය ලුහුබැඳ ගිය රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදිය හිතාමතාම අනතුරට ලක් කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝ දර්ශනවලට අනුව, අනතුරෙන් පසු යතුරුපැදිය ලොරියේ පැටලී ඉදිරියට ඇදී යන අයුරු දැකගත හැකිය.පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සිදුකිරීමෙන් පසු රියදුරු ලොරිය අතහැර අසල වූ කැලෑවකට පලා ගොස් තිබුණද, පසුව බූ ඔය පාලම අසලදී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අල්ලා පොලිසියට භාර දී තිබේ. සැකකරු සහ ලොරිය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


























