පොලිස් නිලධාරීන්ට ඇස් කණ්නාඩි ලබා දීමේදී සිදු වූ වංචාවක් පිළිබඳ විමර්ශන

පොලිස් නිලධාරීන් 79 දෙනෙකු ඇස් කණ්නාඩි මිලදී ගැනීම සඳහා කළ වියදම් ආපසු ලබා ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට ඉදිරිපත් කළ රිසිට්පත් ව්‍යාජ බව හෙළි වීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර හමුවේ ප්‍රකාශ කළේය.

මේ වන විට එම පොලිස් නිලධාරීන් 79 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම, ඇස් කණ්නාඩි මිලදී ගැනීමට ව්‍යාජ රිසිට්පත් සපයා ඇති ආයතනය පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 618

Leave A Reply

Your email address will not be published. Required fields are marked *