පොලිස් නිවාඩු නොවැම්බර් 30 දක්වා අවලංගුයි

​රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සියලුම නිලයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නොවැම්බර් 30 වනදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය. ප්‍රවාහන ගැටළු හේතුවෙන් අදාළ පොලිස් ස්ථාන වෙත වාර්තා කිරීමට අපහසු පොලිස් නිලධාරීන්ට ඔවුන්ට ආසන්නතම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේය. අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා සියලුම පොලිස් ස්ථානවල වෙනම ඒකකයක් ද ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 864

Leave A Reply

Your email address will not be published. Required fields are marked *