පොලිස් වෙඩිල්ලකින් අමෙරිකාවේ 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝපටයක් මේ වනවිට මහත් ආන්දෝලනයක් මතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පොලිසිය පවසන්නේ, නිලධාරීන් ලුහුබැඳ යෑමෙන් පසු ඔහු ඝාතනය කරන විට අදාළ පිරිමි ළමයා සෙල්ලම් තුවක්කුවක් අතැතිව සිට ඇති බවයි.

ඔහුගේ අනන්‍යතාවය පැහැදිලි කර නොමැති අතර, ආසියානු සම්භවයක් ඇති 13 හැවිරිදි දරුවා පලා යන අවස්ථාවේදී ඔහුගේ අතේ තුවක්කුවක් ලෙස පෙනෙන දෙයක් නිලධාරීන් දෙසට දිගුකර ඇති බව ද පොලිසිය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ, එහදී ඇතිවූ ආරවුලකින් පසු එක් නිලධාරියෙකු මෙම දරුවාට වෙඩි තබා ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *