ශ්‍රී ලංකා පොලිස් සේවය දැනට අවශ්‍ය නිලධාරී සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බවත්, සමස්තයක් ලෙස නිලධාරීන් 32,000ක පමණ හිඟයකට මුහුණ දී සිටින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය අගය කිරීම වෙනුවෙන් අද (30) උදෑසන පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියා සිටියේ, මේ වසර තුළ පොලිස් නිලධාරීන් 2,500ක් විශ්‍රාම ගැනීමට නියමිත අතර ලබන වසරේදී තවත් නිලධාරීන් 2,700ක් සේවයෙන් විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි. පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට නවක නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව ද ඔහු එහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.


























