පොහොට්ටුවේ අලුත් තනතුරක් ලැබූ ජොන්ස්ටන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබනවා.

ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් මෙම තීරණය ගත් බවයි එම පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කෙළේ.

එසේම හිටපු අමාත්‍ය ගාමිනී ලොකුගේ ගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම් කිරීම පිලිබඳ අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට කමිටුවක් ද පත් කෙරුනා.

එමෙන්ම පොදුජන පෙරමුණ මඟින් ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහය ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා.

එහි සාමාජිකයින් වන්නේ මහලේකම් සාගර කාරියවසම් , මෙහෙයුම් ප්‍රධානි ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක වනවා. 

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *