පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. පසුගිය සිකුරාදා (23) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී තමන් මීට පෙර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) අතර පවතින වෙනස පිළිබඳව තමන් කරුණු දැක්වූ බවත්, කිසිවිටෙකත් සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුප් ක්‍රමයකට පරිවර්තනය කරන බව පවසා නැති බවත් අවධාරණය කළේය.තම ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සේවක අර්ථසාධක අරමුදල (EPF) පවතින්නේ සමාජ ආරක්ෂණ අරමුණු වෙනුවෙන් බව සඳහන් කළේය. රජයේ සැබෑ අවධානය යොමුව ඇත්තේ එම අරමුදල වෙනස් කිරීම නොව, පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට අලුතින් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයක් ලබා දීම කෙරෙහි බවත්, සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් බවට පත් කරන බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


























