බටහිර ඕස්ට්‍රේලියාව බලප්‍රදේශය ආවරණය වන පරිදි පර්ත් නුවර ශ්‍රී ලංකා ගෞරව නියෝජිතයා ලෙස පත් කරන ලද චිරන්ත වීරවර්ධන මහතා, පසුගිය දෙසැම්බර් 19 වන දින කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර මහත්මිය අතින් මෙම පත්වීම ප්‍රදානය කෙරිණි. මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම කර්ටින් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන වීරවර්ධන මහතා, පතල් කර්මාන්තය පිළිබඳ වසර 33ක අත්දැකීම් ඇති ප්‍රවීණ ඉංජිනේරුවෙකි.මෙහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ ආයෝජන දිරිගැන්වීමට වීරවර්ධන මහතාගේ වෘත්තීය පළපුරුද්ද මනා පිටුවහලක් වනු ඇතැයි විශ්වාසය පළ කළාය. සිය පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නව ගෞරව නියෝජිතයා, බටහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන 20,000ක් පමණ වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීමට කැපවන බව අවධාරණය කළේය.

























