බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින දුමින්ද

දුමින්ද සිල්වා නැමැති සිරකරු බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එහි නේවාසික ප්‍රතිකාර ලබන රැදවියන් 50කට වැඩි පිරිසක් සමග රදවා සිටි. අදාල සිරකරු බන්ධනාගාරය වෙත බාරදීමේදි ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර් දේශ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බව දැන්වීම මත බන්ධනාගාර වෛද්‍යනරුන්ගේ අධික්ෂණය යටතේ මේ වන විටත් රදවා තිබේ.

තවදුරටත් මෙම සිරකරුට බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති අතර, සිරකරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර එහි තීරණ ලැබීමෙන් පසුව ඊට අදාල ඉදිරි කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් තුළන් විවේචනාත්මක පුවත් පලවී තිබූ අතර, එම පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් මෙම සිරකරුහට ලබා දීමක් සිදු වී නැත. මේ පිළිබදව කරුණු සොයාබැලීමට මූලික විමර්ශන දෙකක් සිදු කල අතර ස්ථාන පරික්ෂාවන් හා මූලිකවිමර්ශන වාර්තා අනුව අදාළ සිරකරුට වෙනම වැසිකිලියක් හෝ විශේෂ පහසුකමක් ලබා දී නොමැති බව අනාවරණය කර තිබේ.

‌මොහු රදවා සිටින වාට්ටුවේ අංක 03 හී ඡායාරූප මාධ්‍ය වෙත මේ සමග නිකුත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 463

Leave A Reply

Your email address will not be published. Required fields are marked *