බම්බලපිටියේදී ‘අයිස්’ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් මහා පරිමාණ සොරකම් රැසක් හෙළි වෙයි!

බම්බලපිටිය ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ සොරකම් මාලාවක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු පෙබරවාරි 8 වනදා බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශනයට ලක් කෙරිණි. එහිදී හෙළි වී ඇත්තේ මොහු බම්බලපිටිය, නාරාහේන්පිට, පෑලියගොඩ, දෙමටගොඩ, තලංගම, ගෝතටුව, මරදාන, කුරුඳුවත්ත, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් වසම්වල සිදුවූ යතුරුපැදි සොරකම් අටකට සම්බන්ධ වී ඇති බවයි. මීට අමතරව ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරකම් රැසකට ද ඔහු සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර, සොරකම් කරන ලද යතුරුපැදි කිහිපයක් සහ ලැප්ටොප් පරිගණක සොයා ගැනීමට ද පොලිසිය සමත් විය. සැකකරු අද (පෙබරවාරි 14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *