බම්බලපිටිය පොලිස් වසමේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 30කට වඩා වැඩි වටිනාකමකින් යුත් “අයිස්” (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත්ව තිබේ. දැනට විදේශගතව සිටින බවට සැකකෙරෙන වැලිඔය ප්‍රියන්ත සහ එස්.එෆ්. ජගත් යන පාතාල කල්ලි සාමාජිකයින්ගේ සමීපතමයෙකු ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු, රිජ්වේ පෙදෙසේ පිහිටි තාවකාලික මාර්ග බාධකයකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 16ක් සමඟ ජංගම දුරකථනයක් සහ විද්‍යුත් තරාදි දෙකක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී ඇත.


























