ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කුර්නූල් දිස්ත්‍රික්කයේ, කල්ලූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ චින්නතේකුර් ගම්මානය අසලදී අද (සිකුරාදා) අලුයම සිදුවූ බස් රථ අනතුරකින් මගීන් 20 දෙනෙකු ගින්නට හසුවී මියගොස් ඇති අතර, තවත් 12 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් වාර්තා කරයි. හයිද්‍රාබාද් සිට බැංගලෝර් බලා ගමන් කරමින් සිටි, මගීන් 44 දෙනෙකු රැගත් ‘කාවේරි ට්‍රැවල්ස්’ නම් පෞද්ගලික බස් රථයක් අලුයම 3:30ට පමණ ජාතික මහා මාර්ග අංක 44 ඔස්සේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.පොලිසියට අනුව, ගැටීමෙන් යතුරුපැදිය බස් රථය යටට සිර වී ඉන්ධන ටැංකියේ වැදීමෙන් පිපිරීමක් සිදුවී ඇති අතර, එය ක්ෂණිකව බස් රථය ගිනිගෙන දැවී යාමට හේතු වී තිබේ. අනතුර වන අවස්ථාවේදී බොහෝ මගීන් නින්දේ සිට ඇත. කිහිප දෙනෙකුට ජනේල කඩා පිටතට පැනීමට හැකි වුවද, බොහෝ දෙනෙකු ඇතුළේ සිර වී ඇත. ගිනි නිවන ඒකක පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් ආධාර සඳහා ඉක්මන් වූ නමුත්, බස් රථය සම්පූර්ණයෙන්ම අළු වී ගොස් තිබේ. තුවාල ලැබූ මගීන් කුර්නූල් රජයේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, වාර්තා වන පරිදි මියගිය බොහෝ දෙනා හයිද්‍රාබාද් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.අනතුරින් පසු බස් රථයේ රියදුරන් දෙදෙනාම එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර, පොලිසිය පරීක්ෂණ ආරම්භ කර නඩුවක් ලියාපදිංචි කර තිබේ. දැනට ඩුබායි හි සිටින ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය එන්. චන්ද්‍රබාබු නායිදු මහතා සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ශෝකය පළ කර ඇති අතර, වහාම විමර්ශනයක් සිදු කරන ලෙසට නියෝග කරමින්, මියගිය අයගේ පවුල්වලට සහයෝගය ලබා දීමට සහ තුවාලකරුවන්ට හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසටද උපදෙස් දී ඇත.රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය මණ්ඩිපල්ලි රාම්ප්‍රසාද් රෙඩ්ඩි මහතා අනතුරු ස්ථානයට ගොස් තත්ත්වය සමාලෝචනය කර තිබේ. YSR කොංග්‍රස් පක්ෂයේ නායක සහ හිටපු ප්‍රධාන අමාත්‍ය වයි. එස්. ජගන් මෝහන් රෙඩ්ඩි මහතාද වින්දිතයන්ගේ පවුල්වලට ශෝකය පළ කර ඇති අතර, මූල්‍ය ආධාර සහ වහාම සහන සැලසීමටත්, තුවාල ලැබූවන්ට ගුණාත්මක ප්‍රතිකාර සහතික කිරීමටත් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.






















