බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමය ලබන සඳුදා සිට!

​බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමය ලබන සඳුදා (24) සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. අමාත්‍යාංශයට අනුව, මෙම කාඩ්පත් ගෙවීමේ ක්‍රමය කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී දියත් කිරීමට නියමිතය. ඒ අනුව, ගාල්ල, මාතර සහ බදුල්ල දක්වා ධාවනය වන බස් රථවලට අදාළ බස් ගාස්තු මහජනතාවට කාඩ්පත් මගින් ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. මෙම වැඩසටහන සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු 05ක් එක්ව ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *