බස්නාහිරට රතු නිවේදන: දරුණු අකුණු අනතුරක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට අද (ජනවාරි 14) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි දරුණු අකුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනයට අනුව ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ‘රතු’ වර්ණයෙන් යුත් දැඩි අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ‘ඇම්බර්’ වර්ණයෙන් යුත් අවදානම් නිවේදන නිකුත් කර ඇත.​බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බැවින්, අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 941

Leave A Reply

Your email address will not be published. Required fields are marked *