එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික යෞවනයන්ගෙන් සැදුම්ලත් ‘Cloud6’ සංගීත කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ අරමුදල (Rebuilding Fund) වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 1,500ක මුදලක් පරිත්‍යාග කර ඇත. ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී මෙම පරිත්‍යාගය සිදු කළ අතර, ඒ සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ද සහභාගී විය.මෙම මුදල ‘Cloud6’ කණ්ඩායම විසින් 2025 දෙසැම්බර් 13 වන දින පවත්වන ලද ඔවුන්ගේ ප්‍රථම සජීවී ප්‍රසංගයෙන් උපයාගත් සම්පූර්ණ ලාභය වීම විශේෂත්වයකි. මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට සහය වීම සඳහා ඔවුන් මෙම තීරණය ගෙන ඇත. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික තරුණ පරපුර සිය මව්බිම මුහුණ දෙන දුෂ්කර අවස්ථාවන්හිදී දක්වන කැපවීම සහ සහයෝගය මෙමඟින් මැනවින් පිළිබිඹු වේ.


























