​බාල ගල්අඟුරු වංචාව: සජබ මන්ත්‍රීවරු අල්ලස් කොමිසමට යති!

​ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (පෙබරවාරි 26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. මුජිබර් රහ්මාන්, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා සහ කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල සිදුකිරීම සඳහා සහභාගී වී සිටියහ. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා සඳහන් කළේ අදාළ සමාගම ප්‍රධාන කොන්දේසි දෙකක් උල්ලංඝනය කර ඇති බවයි. එනම් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට එවීම සහ නියමිත කාලය තුළ ගල්අඟුරු සැපයීමට අපොහොසත් වීමයි.​මෙම කොන්දේසි උල්ලංඝනය කිරීම අදාළ ගිවිසුම අවලංගු කිරීමට ප්‍රමාණවත් වුවද, රජය මෙය වංචාවක් නොවන බව පවසමින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. එහෙත් මෙම ගනුදෙනුව දූෂිත බව මේ වන විට හෙළි වී ඇති බැවින් එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය. පසුගිය රජයට එරෙහි පැමිණිලි විමර්ශනය කළ ආකාරයෙන්ම, වත්මන් රජයේ මෙම වංචාව හේතුවෙන් ජනතාවට අහිමි වූ රුපියල් මිලියන 7,000 ක බදු මුදල යළි අයකර ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,028

Leave A Reply

Your email address will not be published. Required fields are marked *