​බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී පාද මහාගිරිදඹය යුද හමුදාවෙන් යළි ඉදිවෙයි!

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී පාද වන්දනා මාර්ගයේ මහාගිරිදඹය ප්‍රදේශයේ අනාරක්ෂිත වී තිබූ පියගැටපෙළ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේ වන විට ආරම්භ කර තිබේ. 2025 දෙසැම්බර් 04 වන දින මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වුවද, අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ නායයෑම් නිසා එම මාර්ගය බැතිමතුන්ට භාවිත කිරීමට නොහැකි වන සේ දැඩි ලෙස අබලන් විය. මේ තත්ත්වය සැලකිල්ලට ගත් යුද හමුදාව පසුගිය දෙසැම්බර් 11 වන දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සිය භට පිරිස් යොදවා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.​දැනට යුද හමුදා සාමාජිකයින් 400කට ආසන්න පිරිසක් මෙම දුෂ්කර කඳුකර ප්‍රදේශයට අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සහ ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටිති. යුද හමුදා වාර්තාවලට අනුව, දෙසැම්බර් 31 වන විට මිලිමීටර් 300 ක අතුරු තාප්පයේ වැඩ අවසන් කර ඇති අතර, මිලිමීටර් 500 ක තාප්පයේ වැඩ සියයට 90 ක් පමණ නිම කර ඇත. මීට අමතරව, ප්‍රධාන රඳවන බැම්මේ වැඩ සියයට 65 ක් ද, අත්වැටවල් සවිකිරීමේ කටයුතු සියයට 70 ක් ද අවසන් කර ඇති අතර, එළඹෙන 2026 ජනවාරි 05 වන දින වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *