බිඳ වැටුණු විදුලි සැපයුමෙන් 86%ක් යළි සක්‍රීයයි!

රට පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුමෙන් සියයට 86ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිවේදනය කරයි. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 73කට අධික සංඛ්‍යාවකින් ලක්ෂ 39කට පමණ අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් විදුලි බලය විසන්ධි වී තිබූ බවයි.​විදුලි සැපයුම යළි ලබා දීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ගත වූ දින කිහිපය පුරා අඛණ්ඩව හා දැඩි කැපවීමෙන් කටයුතු කළ බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. සියලුම හානියට පත් පද්ධති කඩිනමින් පිළිසකර කිරීම සඳහා ඔවුහු වෙහෙසක් ගත්හ.​ඒ අනුව, ඉතිරි වී ඇති විදුලි සැපයුම් පද්ධතිය ද ඉතා ඉක්මනින් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව නොයෙල් ප්‍රියන්ත මහතා විශ්වාසය පළ කළේය.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *