අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ඊයේ පස්වරුවේ තායිලන්තය බලා පිටවගොස් තිබුනා.
ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු – තාක්ෂණික සහ ආර්ථික සහයෝගොතාව සදහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ ( BIMSTEC) 6 වැනි සමුළුව සදහා සහභාගී වීම සඳහායි.
එහිදී සමුළුව සඳහා සහාභාගී වන නායකයින් වෙනුවෙන් වෙන් වූ භෝජන සංග්‍රහයටද අග්‍රාමාත්‍යවරිය සහභාගී තිබුණා.
BIMSTEC 6 වැනි සමුළුව අද පැවැත්වෙන අතරම වසර තුනකට පසු පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ”සෞභාග්‍යවත් ඔරොත්තු දීම සහ විවෘතභාවය” යන්නයි.
සමුළුවේ අරමුණ වන්නේ සාමාජික රටවල් හත වන බංග්ලාදේශය , භූතානය , ඉන්දියාව , මියන්මාරය , නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර හවුල් ආරක්ෂක සහ සංවර්ධන අභියෝගතාවලට මුහුණ දීමට සහයෝගිතාව ශක්තිමත් කිරීමයි.
සමුළුවට සමගාමිව තායි – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කල ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කරා ගැනීම අරමුණු කරගත් ” ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න ” ප්‍රවර්ධන වැඩසටහන් වලටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා.
බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වට් ෆෝ විහාරස්ථානයට පැමිණි අතර විහාරාධිපති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරිය කටයුතු කර තිබෙනවා.