බියගම පවුල් 4කට අලුත් නිවාස: වසර අවසානයට පෙර තවත් 50ක්

​‘තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්’ නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ බියගම මැතිවරණ කොට්ඨාසයේ අභිනවයෙන් ඉදි කළ නිවාස 4ක් අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනතා අයිතියට පත් කෙරිණි. ස්ථිර ආදායමක් නොමැති, පාසල් යන දරුවන් සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම නිවාස ප්‍රදානය කෙරුණු අතර, ජාතික නිවාස අධිකාරිය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.​මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද මෙරට සංවර්ධන කටයුතු කිසිසේත් අඩාල වීමට ඉඩ නොදෙන බවයි. එහි එක් පියවරක් ලෙස මෙම වසර නිම වීමට පෙර බියගම කොට්ඨාසය තුළ පමණක් තවත් නිවාස 50ක් ඉදි කර අවසන් කිරීම රජයේ ඉලක්කය බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,080

Leave A Reply

Your email address will not be published. Required fields are marked *