බිලී ජීන් කිං කුසලාන ටෙනිස් පිටියේදී ශ්‍රී ලංකාවෙන් මොංගෝලියාවට දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මේ දිනවල කොළඹදී පැවැත්වෙන ‘බිලී ජීන් කිං කුසලාන’ (Billie Jean King Cup) කනිෂ්ඨ බාලිකා ටෙනිස් තරගාවලියේදී මොංගෝලියාවට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 16 දින පැවති මෙම තීරණාත්මක තරගයේදී ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග වට 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගැනීම විශේෂත්වයකි.​පළමු ඒකල තරගයේදී අසාමාන්‍ය දක්ෂතා දැක්වූ ආන්යා නෝබට්, මොංගෝලියාවේ එන්ක්කුස්ලන් ගන්බාතාර් ලකුණු 6/0, 6/0ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය. අනතුරුව පැවති දෙවන ඒකල තරගයෙන් අකේෂා සිල්වා ලකුණු 6/0 සහ 6/1ක් ලෙස එන්ක්ජින් අමර්ජර්ගල් පරාජය කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළාය. යුගල තරගයට එක්වූ අකේෂා සිල්වා සහ ආන්යා නෝබට් යන ක්‍රීඩිකාවන් දෙපළ ලකුණු 6/0 සහ 6/1ක් ලෙස ප්‍රතිවාදීන් හමුවේ සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වූහ.​මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ඇති අතර එම තරගය එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ කාලසටහනට අනුව අද දිනය ශ්‍රී ලංකා කණ්ඩායමට විවේක දිනයක් ලෙස වෙන් කර ඇති අතර, ඔවුන් බ්‍රහස්පතින්දා දිනයේදී ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 674

Leave A Reply

Your email address will not be published. Required fields are marked *