බුදු දහමෙන් බැඳුණු ඉන්දු – ලංකා සබඳතාව: අගමැති මෝදිගෙන් ජනපති අනුරට තුති

​කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී දේවනිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කෘතඥතාව පළ කර තිබේ. 2026 පෙබරවාරි 4 වන දින ජනාධිපතිවරයා තැබූ සටහනකට ප්‍රතිචාර දක්වමින් X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කළ අගමැති මෝදි, මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවීමට තීරණය වූයේ 2025 අප්‍රේල් මාසයේදී තමා මෙරට සිදුකළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස බව සිහිපත් කර ඇත.​ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ආත්මීය බැඳීමක් බව මෙහිදී පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, බුදුරජාණන් වහන්සේගේ කරුණාව, සාමය සහ සහජීවනය පිළිබඳ සදාකාලික පණිවුඩය මානව සංහතියට අඛණ්ඩව මඟ පෙන්වනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවද සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 599

Leave A Reply

Your email address will not be published. Required fields are marked *