බුදුදහමේ ඉගැන්වීම් අනුව සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු – ජනපති

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැඟි පණිවිඩයක් ගෙන දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, එම ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවයි.

දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට මෙම වෙසක් කාලය වඩාත් සුදුසු යැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ඒ සඳහා එක්සිත්ව – එක්සත්ව ඇත්වැල් බැඳ ගන්නැයි සියලු දෙනාට ඇරයුම් කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 749

Leave A Reply

Your email address will not be published. Required fields are marked *