නොවැම්බර් 22 වනදා පමණ අග්නිදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කිරීමට ඉඩ ඇත. ඒ අනුව, උතුරු, උතුරු-මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අග්නිදිග බෙංගාල බොක්කේ ඇතිවිය හැකි නව අඩු පීඩන කලාපය පිළිබඳව නාවික හා ධීවර ප්‍රජාවන් විමසිලිමත්වන ලෙස ඉල්ලා සිටී. ඒ අනුව, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රියේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සුළඟ ඊසාන දිශාවෙන් හෝ විචල්‍ය දිශාවලින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 20-30 අතර වේ. කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා වැඩිවිය හැකිය. කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ස්වල්ප වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.























