බෙන්තොටදී රුපියල් කෝටි ගණනක හෙරොයින් සමඟ දෙදෙනෙකු කොටු වෙයි!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් බෙන්තොට ප්‍රදේශයේ අද අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව ජනවාරි 31 වනදා බෙන්තොට පොලිස් වසමේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 105ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.​අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 45 යන වයස්වල පසුවන බෙන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවන් බව තහවුරු වී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ආ මාර්ගය සහ ඒවා බෙදාහැරීමට සැලසුම් කර තිබූ ජාලය පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *