බෙලිඅත්ත පට්ටියවෙල ගල්කෙම පුරාණ විහාරස්ථාන භූමියේ තිබී 2025.01.27 වන දින සවස හමුව ඇති ජීව අත්බෝම්බ දෙකක් පොලිස් විශේෂ කාර්යය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන් විසින් නිෂ්ක්‍රිය කළහ.

ගල්කෙම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේගේ උපදෙස් මත එදින විහාරස්ථාන භූමියේ ළිඳ පිහිටි ස්ථානය අත් ට්‍රැක්ටරයක් යොදා සුද්ධ පවිත්‍ර කිරීමට පියවර ගෙන ඇති අතර එම අවස්ථවේදී ට්‍රැක්ටරයට හසුවී යමක් පුපරා ගොස් ඇති බැවින් පරීක්ෂාකිරීමේදී මෙම ජීව අත්බෝම්බ දෙක හමුවී තිබේ.

පුපුරාගිය අත් බෝම්බයෙන් කිසිදු ජීවිත සහ දේපල හානියක් සිදුවී නොමැත.

බෝම්බ විහාරස්ථාන භූමියේ තබාගොස් තිබෙන්නේ කවුද? කුමක් සඳහාද? බෙලිඅත්ත පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 680

Leave A Reply

Your email address will not be published. Required fields are marked *